අය වැය යෝජනා කඩිනමින් ත්‍රියාත්මක කොට යථාර්ථයක් බවට පක්කිරීම සඳහා තමා විසින් අනු කමිටු 6ක් පත් කරන බවත් දැනටමත් ඉන් එක් කමිටුවක් පත්කොට ඇති බවත් මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.
ග්‍රාමශක්ති වැඩපිළිවෙල සාර්ථකව සිදු වන බවත් මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙලට ජනාධිපතිතුමා අතගසා තිබෙන බවත් එය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවත් පාර්ලිමෙන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පවසයි.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම අනුග්‍රහනය දක්වන යෝජනා වෙනස් නොකරන ලෙසත් ශ්‍රී ලංකාව මේ වනවිට ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට ප්‍රශංසා කර තිබෙන බවත් පියවරෙන් පියවර ප්‍රශ්න විසඳීමට කටයුතු කර තිබෙන බවත් මෙම යෝජනා ආපසු හැරවීමට කටයුතු නොකරන ලෙසත් සභානායක,අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.