සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් සහ හිමිකම් ප්‍රදානය කිරීමේ අවස්ථාව පසුගිය (01) දින මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතාගේ ප්‍රදානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු විය.
ඉතා දුෂ්කර ඈත ගම්මාන වලට පිරිසිදු පානීය ජලය ලබාදීම සදහා රටපුරා ක‍්‍රියාත්මක කරන දහස් සංඛාත ප‍්‍රජා ජල ව්‍යාපෘතීන් ශක්තිමත් කිරීමට දිස්ත‍්‍රික් 25 ක් වෙනුවෙන් ලෝක බැංකු ආධාරයෙන් ජාතික ප‍්‍රජා ජල සැපයුම් දෙපරේතමේන්තුවේ ක්‍ෂෙෂ්ත‍්‍ර නිලධාරීට මෝටර් සයිලක් 50 ක් බෙදාදීම, නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් තලවතුගොඩ පිහිටි එම දෙපාර්තමේන්තු පරිශ‍්‍රයේදී පසුගිය දා පැවැත්වුනි.
සිනමා රංගන ශිල්පිණියක වූ අනූෂා සොනාලී මහත්මිය වෙත නව නිවසක් පරිත්‍යාග කිරීම නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් සිදු කෙරේ.
ගම්පෙරළිය තවදුරටත් අඛණ්ඩව පවත්වගෙන යාමට 2019 වර්ෂය සඳහා රුපියල් බිලියන 48ක ප්‍රතිපාදන වෙන් කරගැනීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමතිය හිමිව තිබේ.