සියලු ම රටවල් සඳහා වලංගු වන විදෙස් ගමන් බලපත්‍රය පමණක් හෙට දින (ජනවාරි 01) සිට නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29) දින අනුරාධපුර අටමස්ථානාධිපති, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර ඉන් අනතුරුව අනුරාධපුර උඩමළුව ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැදපුදා ගැනීමට ද සහභාගි විය.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස යළි පත් කෙරුණු ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා අද (31) මුදල් අමාත්‍යාංශයේ දී වැඩ භාර ගත්තේ ය.