පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් 2019 ජනවාරි 01 දා සිට මුළු දිවයිනටම සුහුරු ජාතික හැඳුනුම්පත් (Smart National Identity Card) නිකුත් කිරීමට පියවරගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.
පාසල් ආරම්භ කරන විට සිසුන්ට අවශ්‍ය පෙළ පොත් ලබාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
2018 වසර ආරම්භයේ සිට මේ දක්වා තම දෙපාර්තමේන්තුව විසින් විදේශ ගමන් බලපත් පන්ලක්ෂයක් නිකුත් කොට ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් එම්.එන්.රණසිංහ මහතා පවසයි.
ගංවතුරෙන් අවතැන් වූවන්ගේ සෞඛ්‍ය සේවාවන් සොයා බැලීමට සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනරත්න මහතා අද (29) උතුරු පළාතේ සංචාරය කිරීමට නියමිතය.