මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පත් කර තිබේ.
දිවයිනේ බොහෝ පලාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත වියලි කාලගුණ තත්ත්වයක් සහ ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පසුගිය දෙසැම්බර් මස 9 වන දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68 වන සංවත්සරයට සමගාමීව පසුගිය දෙසැම්බර් 27 වන දින කැලණිය රජමහා විහාරස්ථානයේදී බෞද්ධාගමික වැඩසටහනක් පවත්වන ලදී. නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ආගමික වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහන වශයෙන් එය හැදින්විය හැක.
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති 104 ක සහ විදේශ ආයෝජන ව්‍යාපෘති 78 ක ප්‍රගතිය පිළිබදව කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.