නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කටයුතු කරන ලද කොමාණ්ඩර් (අවි) දිනේෂ් බණ්ඩාර මහතා නව පත්වීම් ලැබ මාරුවී යාම හේතුවෙන්, ජනවාරි 01 දින සිට නව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පත් කොට ඇත.
මෙරට උසස් අධ්‍යාපනයේ ප්‍රමිති පාලනය සඳහා වූ වසර 2019 වසර බවට පත් කරන බැව් නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළේය.
ආබාධිත සහිත තැනැත්තන් සඳහා ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් සමාජ සේවා අමාත්‍යංශය හා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශයත් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලත් එක්ව සංවිධානය කරන කළ ආබාධ සහිත තැනැත්තන් සවිබල ගැන්වීම සහ අන්තර්කරණය හා සමානාත්මතාවය තහවුරු කෙරෙන වැඩසටහනක් මාගම් රුහුණුපුර පරිපාලනසංකීර්ණයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදදී පැවැත්විණි.
පසුගිය දින කිහිපය තුළ අධික වර්ෂාව නිසා ඇති වූ ජල ගැල්මෙන් පීඩාවට පත් ජනතාවට සහන රැගෙන කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා ඇතුළු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය පසුගිය දා කිලිනොච්චිය බලා පිටත් විය.