සෑම වසරකම දෙසැම්බර් 31 දින රිය අනතුරු ගිනිකෙළි අනතුරු බීමත්ව සිදු වන කෝලාහල කරගැනීම් නිසා සිදුවන අනතුරු බහුලව වාර්තාවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු නිවාරණ අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පෙන්වා දෙයි.
නාගරික යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහන යටතේ හලාවත මැල්ලපුර සේදවත්ත හංදිය සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා කොළඹ ප්‍රධාන මාර්ගය දක්වා වූ මාර්ගය සහ හලාවත වැල්ල පල්ලිය දක්වා වූ මාර්ගය කපට් අතුරා සංවර්ධනය කර ජනතා අයිතියට පත්කිරීම ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
පසුගිය දිනවල උතුරු පළාතේ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවලට බලපා තිබූ අයහපත් කාළගුණික තත්වයෙන් උතුරු ජනතාවගේ ජන ජිවිතය අඩාල වි තිබු අතර, එම ජන ජිවිතය යථා තත්වයට පත් කිරීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් මේවන විට කටයුතු කරමින් සිටී.
2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ.