මහරගම පිළිකා රෝහලට අවශ්‍ය සියලුම ඖෂධ අද(24) සදුදා වන විට ලබාදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ රත්තිනපුරම්, ආනන්දපුරම්, කනකම්බිකුලම්, මරදනගර්, පන්නන්කන්ඩි, ධර්මපුරම්, පුලියන්පොක්කනි, පරන්තරන්, කුඩියඉරිප්පු, උරියන්, කන්දවාලි, මාන්කුලම් ප්‍රදේශයන් සහ මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ මනන්කන්දල්, කව්වාලකන්ඩල්, කොඩාඩිකල්ලු, කේජනාගරත්නපුරම්, විද්‍යාපුරම්, උදයාරකට්ටු, කුරුවිල්කුලම් ප්‍රදේශයන්හි පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණයත් සමඟ අඳහැළුණු ධාරාණීපාත වර්ෂාපතනය හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූ සිවිල් වැසියන් 2968 කට පමණ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්හි සහයෝගය ඇතිව යුද්ධ හමුදා සාමාජිකයින් සහනාධාර, පිසු ආහාර, නවාතැන් පහසුකම්, වෛද්‍ය ආධාර සහ සනීපාරක්‍ෂණ පහසුකම් ලබාදෙනු ලබයි.
අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 3 කට ආපදා ත්ත්වය බලපා තිබේ.මුලතිව්,කිලිනොච්චි හා යාපනය යන දිස්ත්‍රික්ක වල 5000කට අධික ජනතාවක් පිඩාවට පත් වි ඇති අතර මේ වන විට ඔවුන් තාවකාලික රැඳවුම් කඳවුරුවල රඳවා ඇති බවආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවලට බලපා ඇති අයහපත් කාළගුණික තත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ උපදෙස් හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු මත නාවික හමුදාව මේ වන විට එම ප්‍රදේශවල සහන සැළසීමේ කටයුතු සිදු කරමින් සිටී.