දුෂ්කරතා රැසක් මැද ක්‍රීඩාවේ නියැලෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සීමා මායිම් නොමැතිව උපකාර කිරීමට නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ප්රමුඛ වත්මන් රජය සැදී පැහැදි සිටින බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මහනුවර දිස්ත්‍රික්කයේ ජාතීන් අතර සමගිය සහ සංහිදියාව ගොඩ නැගීමේ අරමුණින් දියත් කළ විශේෂ වැඩසටහනක් ඉකුත්දා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.
පවතින අයහපත් කාලගුණය නිසා උතුරු පළාතේ මුලතිව්,කිලිනෝච්චි ,මන්නාරම හා වව්නියා දිස්ත්‍රික්කවල හටගෙන ඇති ජල ගැල්මෙන් පවුල් 1858කට අයත් පුද්ගලයින් 60345ක් පීඩාවට පත් ව ඇතැයි ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයට ඊයේ (24) පෙරවරු 9 වන විට ලැබි තිබු වාර්තාවල සඳහන් වේ.
ජනතාව අන්ධකාරයෙන් ආලෝකයට පැමිණවීම සඳහා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සම්ප්‍රාප්තිය සමරමින් සමස්ත ලෝකවාසී ජනතාව නව බලාපොරොත්තුවලින් පිබිදෙන අසිරිමත් අනාගතයක ඇරැඹුම නත්තල බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.