ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් විෂයට අදාළව ස්ථාපනය කර ඇති දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා සියල්ල 2018 නොවැම්බර් මස 09 වැනි දිනැති අංක 2096/67 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා යටතට පත් කර ඇත.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් පවතින ව්‍යවස්ථාණුකූල තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදස රාජපක්ෂ මහතා විසින් සිදු කළේ ය.
විධායකයයි ව්‍යවස්ථාදායකයයි ගැටෙනවා නම්, සෛවරීභාවය ලබාදෙන මූලික බලවේගය වන ජනතාව වෙත යායුතුයි. ව්‍යවස්ථාදායකය, විධයකය සියල්ලෙන් නිරූපනය වන්නේ ජනතාවගේ සෛවරීභාවයයි. ජනතාව අමතන එක වැරදියි කියා කිසිවෙකුට ප්‍රකාශ කළ නොහැකියි යැයි විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ප්‍රකාශ කරයි.
පාසල්දරුවන්ගේ විභාග කටයුතුවලට කිසිම ආකාරයක බලපැමක් ඇති නොවන පරිදි මැතිවරණ කටයුතු සිදු කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.