කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණයේ නම අමාත්‍ය මණ්ඩලය විසින් 2018/08/21 දින දෙන ලද අනුමැතිය පරිදි “ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය” ලෙස සංශෝධනය කර තිබේ.
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍ර තුළ උද්ගතව ඇති ප්‍රධානතම ගැටළුවක් වී ඇත්තේ පසු අස්වනු හානි ඉහල යාම බව කෘෂිකරම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඉකුත් වසර තුන හමාර තුළ විටින් විට ඉල්ලීම් සිදු කෙරුණ ද මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ මෙතෙක් නොවිසඳුණ ගැටලු විසඳිමට විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන බව ජනාධිපතිතුමා පවසයි.
ඒ සඳහා කැබිනට් උප කමිටුවක් ද පත් කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේ ය.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ පවතින ගැටලු පිළිබඳ ඊයේ (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ය.
ක්ෂේත‍්‍රයේ දීර්ඝ කාලයක් පුරා පවතින මෙම ගැටලු විසදීමේ දී වඩා ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමට නව රජය අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා සදහන් කළේ ය.
නීති විරෝධි පතල් කැණීම් සම්බන්ධ වැටලීම් මෙන්ම ව්‍යාජ මැණික් අලෙවිකරන්නන් වැටලීම් පිළිබඳව ද මෙහි දී විශේෂ සාකච්ඡාවට බඳුන් වූ අතර ඉකුත් වසරක් තුළ එම වැටලීම් පිළිබඳ වාර්තාවක් ලබන සතිය වන විට තමා වෙත ලබා දෙන ලෙස ජනාධිපතිතුමා අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේ ය.
ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම්වල පතල් කැණීම සඳහා බලපත‍්‍ර නිකුත් කිරීම, කුඹුරු ඉඩම් පතල් කැණීම් සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති චක‍්‍රලේඛය, යාන්ති‍්‍රක පතල් කැණීම් සඳහා අවසර ලබාදීම, පතල් කැණීම් සිදුකිරීමෙන් අනතුරුව පතල් වසා දැමීමට කටයුතු නොකිරීම, මැණික් පතල් කැණීම් බලපත‍්‍රය ලබාගැනීම සඳහා ගතවන කාලය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව ද මෙහි දී අවධානය යොමු කෙරිණි.
මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, ජාතික මැණික් හා ස්වාර්ණාභරණ අධිකාරියේ සභාපති පේෂල ජයරත්න, ඉඩම් කොමසාරිස් ජනරාල් ආර්. එම්. සී. එම්. හේරත් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් ද පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරාපත් ගැනීම 2019 වසරේ ජනවාරි 05 දින පැවැත්වීමට නියම කර ඇති බව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිල වශයෙන් ප්‍රකාශ කළ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.