එගොඩ කැලණිය හෙවත් කිත්සිරිමෙවන් කල්‍යානි රජ මහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු (04) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.
මාතර දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ඇතුළත් 2018 - රුහුණු ව්‍යවසාය වෙළඳ ප්‍රදර්ශනය හා පොළ විවෘත කිරීම මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ. වැල්ලහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් (01) දින පෙ.ව.9.30 ට මාතර - නූපේ ඕලන්ද වෙළඳ මධ්‍යස්ථානයේ දී ආරම්භ විය. මෙම වෙළඳ ප්‍රදර්ශනය අද (03) දින ද පැවැත්වේ.
පවතින කාලගුණික තත්ත්වය සහ දේශගුණික තත්ත්වයද ඊශාන දිග මෝසම් කාලගුණය හේතුකොට ඇතිවිය හැකි ආපදාවන් අවම කරගැනීම හා ඒ සදහා පෙර සුදානම් විමේ අරමුණින් ඇතිව මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාස 08ක් ආවරණය වන පරිදි ග්‍රාම නිලධාරි වසම් 40 ආපදා පෙර පුහුණු වැඩසටහන් 40 ක්‍රියාත්මක කිරීමට මාතලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සැලසුම් කොට තිබේ.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මානව සම්පත් සංවර්ධනය උදෙසා රුපියල් මිලියන 75 ක් වැය කරමින් සේවක සේවිකාවන් 5000 කට, පරිගණක සාක්ෂරතාවය හා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පුහුණු පාඨමාලාවක් ලබාදීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කර ඇත.