බිම්ස්ටෙක් හතරවන රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගිවීමට නේපාලයට ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ නේපාලයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් අතර සුහද හමුවක් ඊයේ (02) කත්මණ්ඩු නුවර දී පැවැත්විණි.
බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගිවීමට නේපාලයට ගොස් සිටින ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ නේපාල ජනාධිපතිනි බිද්‍යා දේවි භණ්ඩාරි මහත්මිය අතර නිල හමුව සිදු විය.
නේපාලයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සහ සාර්ක් මහලේකම් Amjad Hussain B. Sial මහතා අතර හමුවක් ඊයේ (02) පෙරවරුවේ කත්මණ්ඩු නුවර සාර්ක් මහලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
29 වැනි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත්වූ දිලන්ත ප්‍රනාන්දු මහතා වෙත,ප්‍රවහන හා සිවිල්ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පසුගිය 31වන දින සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශ කාර්යාලයේදී සිය පත්වීම් ලිපිය බාරදෙනලදී.