1990 සුවසැරිය ගිලන් රථ සේවාව නිසා සෞඛ්‍ය සේවයේ විප්ලවීය වෙනසක් කරන්න හැකි වන බව රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී 1990 සුවසැරිය පදනම් පනත් කෙටුම්පත විවාදය ආරම්භ කරමින් මේ බව පැවසී ය.
තැපැල් සේවකයින්ගේ ඉල්ලීම්වලට රජය සාර්ථක ලෙස ප්‍රතිචාර දක්වා ඇති බැවින් තැපැල් සේවකයින්ට සේවයට වාර්තා කරන ලෙස තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා පවසයි.
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වයේ සුළු වැඩිවීමක් අද දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී, සංගීතවේදී අයිවෝ ඩෙනිස් මහතාගේ දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.