බදු අනුපාතය වෙනස් කරන්න නම් බදු අය කරන ප්‍රමාණය හා ගෙවන ප්‍රමාණය පුළුල් කළ යුතු බවත් නව ආදායම් බදු පනත අප්‍රේල් 01 දා ආරම්භ කළ පසු පළමු මසයේ දී පමණක් අලුත් ලිපි ගොනු 41000ක් සති තුනක දී විවෘත කර තිබෙන බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.
වතුකරයේ අධ්‍යාපනය නැංවීම සඳහා ගුරුවරුන් 3800ක් ඉදිරියේ දී බඳවාගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
බැදුම්කර වාර්තා අරමුණු කරගනිමින් පාර්ලිමේන්තුව තුළත් පිටස්තරත් ප්‍රකාශවන ඇතැම් අසත්‍ය,ගොතන ලද සමහර විට ද්වේශ සහගතව ප්‍රකාශ වුණු හා ප්‍රකාශ වන විවිධ අඳහස් නිසා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත්, පාර්ලිමේන්තුවටත්,පොදුවේ ශ්‍රී ලංකාවේ කීර්තිනාමයටත් විශල කැළලක් ඇති වී තිබෙන බව කථානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කරයි.
නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී වැඩි විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.