සෞඛ්‍ය විෂය අනිවාර්ය විෂයක් ලෙස හඳුන්වා දිය යුතු බවට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාවක් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ නිර්දේශ ලබා ගැනීමෙන් අනතුරුව ක්‍රියාත්මක කිරීමට ඇමති මණ්ඩලය තීරණය කොට ඇත.
කාර්යාලයීය සේවකයන් පිළිබඳ ( සේවය හා වේතන විධිමත් කිරීමේ ) ( සංශෝධන ) පනත් කෙටුම්පත සහ සූතිකාධාර (සංශෝධන ) පනත් කෙටුම්පත අද (6) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.
සංවර්ධනය කරා යන ගමනේ දී ජාතික ඇගයීම් ප්‍රතිපත්තියක් පැවැතීමේ ඇති වැදගත්කම රජයක් ලෙස පිළිගෙන තිබෙන බවත් ජූලි මාසය වනවිට ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය එළිදැක්වීමට හැකි වෙතැයි අපේක්ෂ කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ලෝකයේ වඳවී යාමේ තර්ජනයට ලක් වූ සත්ව හා ශාඛ විශේෂ පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට (CITES) අත්සන් තබා ඇති රටවල් 183ක නියෝජිතයන් 4000ක් පමණ සහභාගී වන මහා සමුළුවක් ලබන වසරේ (2019) මැයි 22 වන දා සිට ජුනි 02 වන දා දක්වා කොළඹදී පැවැත් වීමට කටයුතු කරගෙන යන බව බුද්ධ ශාසන ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.