වසර 2020 වනවිට මන්නාරම් දිස්ත්‍රික්කයේ සියයට 60%ක භූමි ප්‍රමාණයක් ආවරණය කරමින් පානීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා අද (6) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
පැල්වත්ත හෝ සෙවනගල සීනි සමාගම් පෞද්ගලික අංශයට කිසිසේත් පවරන්නේ නැතැයි සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (6) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
නව බදු ප‍්‍රතිපත්තියේ කරුණු වැරදි ලෙස අර්ථකථනය කර ගැනීම නිසා ටෙලිනාට්‍ය නිර්මාණ අළෙවි කිරීමේදී 14% ක බදු මුදලක් අය කිරීමට කටයුතු කිරීම පිළිබඳව පවතින තත්ත්වය නිවැරදි කර, 14% ක එම රඳවා ගැනීමේ බද්ද අය නොකිරීමට කටයුතු කරන ලෙස අදාළ ආයතන වෙත ලිඛිතව දැනුම්දීමට කටයුතු කරන මෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා උපදෙස් දෙයි.