මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පාරම්පරික හස්ත කර්මාන්තය මෙන්ම ශිල්පියාවත් ආරක්ෂා කිරීම උදෙසා ශ්‍රී ලංකාවේ පළමු වරට දිස්ත්‍රික්ක ශිල්ප සභා පිහිටුවීමට පියවර ගෙන තිබෙනව බවත්, ඒ අනුව මේ වන විට දිස්ත්‍රික්ක 11 ක ශිල්ප සභා 11 ක් පිහිටුවීමට පියවර ගෙන තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

     
    ලොව වඳවී යෑමේ තර්ජනයට ලක් වූ සත්ත්ව හා ශාක විශේෂ පිළිබඳ ජාත්‍යාන්තර සම්මුතිය (CITES) මඟින් වසර 3කට වරක් පවත්වනු ලබන ජාත්‍යාන්තර සම්මන්ත්‍රණය 2019 වසරේ දී පැවැත්වීමට හා එහි සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබා දීමට බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ඉල්ලීමට අනුව CITES ස්විස්ටලන්තයේ ජිනීවා නුවර පිහිටි CITES ලේකම් කාර්යාලය අවසර දී ඇත.
     
     

    නගරාශ්‍රීත සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ මෙහෙයවීමේන් “පිවිතුරු පුරවර” වැඩසටහනට අනුව ඉදිකිරීමට යෝජිත මීගමුව අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය ජූනි 8වෙනි දින පෙරවරු 10.00ට මීගමුව වෙරළ උද්‍යානයේදී පැවැත්වේ.

    ආයුර්වේද වෛද්‍යවරුන් සදහා තීරු බදු රහිත වාහන බලපත්‍රයක් සදහා වූ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya