ඉදිරිපළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අද (27) පාර්ලිමේන්තුවේ දී රැස් වූ පක්ෂ නායක රැස්වීමේ දී ප්‍රධාන කාරණා තුනක් පිළිබඳ එකඟතාවයට පැමිණ ඇතැයි කතානායක කාර්යාලය පවසයි.
විදෙස් ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක් ලබදීම සඳහා වූ මූලික පනත් කෙටුම්පත සකස් කර අවසන් බව එය නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇති බවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
දෙමව්පියන් ළඟ දරුවන් වැඩෙන්නට සැළැස්විය යුතු බවත් එවිට යහපත් දරුවන් බිහි වන බවත් යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට ළමයා ඉගෙන ගන්නේ පවුල් ජීවිතය තුළින් බවත් නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය
වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
කාන්තාවන්ට ස්වයං රැකියා හඳුන්වදීමේ අවශ්‍යතා තිබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.