කාලීන අවශ්‍යතාව අනුව රටක ව්‍යවස්ථාව වෙනස් විය යුතු බවත් ව්‍යවස්ථාව පිළිබඳ සමස්ත ක්‍රියාවලියේ දී රජය වගකීමෙන් කටයුතු කරන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
සහජීවනය ඇති කිරීමට ග්‍රාමීය මට්ටම ඉලක්ක කර ගත් සංවර්ධන වැඩසටහනක් අවශ්‍යයි. විකල්ප සංවර්ධන මාවතක් කරා අප යා යුතු යැයි පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසති.
අන්තවාදී ගෝත්‍රවාදී නොවී ව්‍යවස්ථාව සකස් කිරීමට කටයුතු කළ යුතුයි.සමඟියෙන් රට ගොඩනැගීමට කටයුතු කළ යුතුයි.ශක්තිමත් රටක් ගොඩනැඟීමේ වගකීම අපට පැවරෙනවා යැයි ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
නව ව්‍යවස්ථාවක් සකස්කරගැනීමට ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාව අද උදා වී තිබෙන බවත් ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිමූර්තිමත් වන ව්‍යවස්ථාවක් ලබාගන්න හැකි වුණොත් එය අප ලබන ජයග්‍රහනයක් බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.