පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    එළඹෙන පෙබරවාරි 04දිනට යෙදෙන 75වන නිදහස් සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් දහසක වටිනාකමකින් යුත් සංසරණය සඳහා නොයෙදූ සමරු කාසියක් නිකුත් කරයි.

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට බලපාන බදු ගැටලු සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබා දීමට ඇති හැකියාව සොයා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    වාණිජ මණ්ඩල නියෝජිතයන් පිරිසක් සමග අද (02) මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වන අමාත්‍යවරයා පවසන්නේ එම ව්‍යාපාරවල පැවැත්මට හානිදායක විය හැකි බදු සම්බන්ධයෙන් මධ්‍යකාලීන කාලීන වෙනස්කම් සිදු කිරීමටද සූදානම් බවයි. එහිදී වාණිජ මණ්ඩල නියෝජිතයෝ බදු සංශෝධන හේතුවෙන් ව්‍යවසායකයන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළහ.

    එකතු කළ අගය මත බද්ද (VAT) සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

    අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් පැවසුවේ දේශීය ආදායම් පනතට සිදු කළ යුතු සංශෝධන මොනවා ද සලකා බැලිය යුතු බවයි. කෙසේ වෙතත් උද්ධමනය යම් අඩු වීමකට ලක් වෙමින් ආර්ථිකය යම් බලාපොරොත්තු සහගත තත්ත්වයකට පත් වෙමින් ඇති මේ අවස්ථාවේ ඉදිරි මාස කිහිපය දෙස විමසා බැලීම වඩාත් සුදුසු බව අමාත්‍යවරයා පැවැසීය.
    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් යනු ආර්ථිකයේ ප්‍රබලම සාධකයක් බව පැවසූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඔවුන් රැක ගැනීම වෙනුවෙන් හැකි සෑම අවස්ථාවක ම ක්‍රියා කිරීම රජයේ අපේක්ෂාව බවයි.

     

     

     


    සෑම වසරකම පෙබරවාරි 2 වැනි දින ලෝක තෙත් බිම් දිනය සමරනු ලබන අතර මෙම වසරේ එහි තේමාව තෙත්බිම් ප්‍රතිසංස්කරණයයි.

    ලංකා ධීවර සංස්ථාවේ ප්‍රාදේශීය මට්ටමේ කාර්යාල වල මේ වන තෙක් වැටුප් ලබා නොදුන් සියලු සේවකයන්ගේ වැටුප් ඉදිරි දින දෙක තුළ ගෙවීමට පියවර ගන්නා බවත්, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya