මිනිස් ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් සොයා දීප ව්‍යාප්ත වශයෙන් වැටලීම් සිදු කිරීමටත්, මිනිස් ජාවාරම් සහ මිනිස් වෙළදාමට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරම නොබලා දඩුවම් කිරීමටත්, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා, පොලිස් දෙපාර්තමේන්තුවේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සමග (16) පැවති විශේෂ සාකච්ඡාවකදී තීරණය කර ඇත.
දකුණු කොරියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ විශේෂ නියෝජිත හැන් ඩොන්ග්මන් (Han Dongman) මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා (15 දින ) පාර්ලිමේන්තුවේදී හමුවූහ.
මෙරට අලි ඇතුන් පිළිබඳ අවසන් සංගණනය සිදුකර ඇත්තේ 2011 වසරේ බැවින් ලබන වසරේ නව සංගණනයක් සිදුකිරීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
“විශේෂ ශ්‍රේණියේ හෙඳ නිලධාරීන්ගේ වාර්ෂික සැසිය - 2022” (Inauguration Ceremony of the Annual sessions 2022 of Special Grade Nursing Officers) සමාරම්භක උත්සවය (16) උදෑසන කොළඹ ගලධාරි හෝටයේ ග්‍රෑන්ඩ් බෝල්රූම් (Grand Ballroom) ශාලාවේ දී පැවැත්විණි.