සාමකාමී අරගලය මුවාවෙන් යම්කිසි ආකාරයකට රාජ්‍ය දේපළ වලට හානි කළ හෝ ත්‍රස්ත කටයුතු වලට හෝ කඩාකප්පල් ක්‍රියාවලට සම්බන්ධව ඇත්නම් පුද්ගලයාගේ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරවීමට කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය කළේය.
ඊයේ දිනයේ සිට කිසිදු හිඟයකින් තොරව ගෑස් සැපයුම ලබාදීමට පියවර ගත් අතර, ලබන සතිය වන විට ගෑස් මිලද යම් ප්‍රමාණයකින් පහත හෙළීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම දැනුම්දුන් බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉලෙක්ට්‍රික් වර්ගයේ යතුරු පැදි සහ මෝටර්රථ මිලදී ගැනීමට සහ අනෙකුත් භාණ්ඩ මිලදී ගැනීම සඳහා විදෙස් ගත ශ්‍රමිකයින් සඳහා තීරුබදු සහන ලබා දුන් බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
උඩරට විවාහ සහ දික්කසාද පනත සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.