ජනතාව ඉල්ලන්නේ පරණ දේශපාලනය නොවන බවත් දැන් බෙදුණු අවස්ථාව අවසන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
අභියෝගාත්මක කාලයක පතිරූප දේශයක් ඇති කිරීමේ මහා වගකීමක් අභිනව ජනාධිපතිතුමාට පැවරෙන බව, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත් කරගැනීමට අද(20) පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමෙන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බහුතර ඡන්දයෙන් ජයගත්තේ ය.
පුරප්පාඩුව පවතින ජනාධිපතිධූරය සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමේ රහස් ඡන්දයෙන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහතා ඡන්ද 134 ලබාගනිමින් අනුප්‍රාප්තික ජනාධිපති ධූරයට පත් වීමට සුදුසුකම් ලැබීය.