ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කර ගැනීමේදී අස්ගිරි සහ මල්වතු මහනායක ස්වාමීන් වහන්සේලා ගත් උත්සාහයට ස්තූතිය පළ කිරීමටත් රජය මගින් ඉදිරියේදී ග්‍රාමීය මට්ටමින් දියත් කිරීමට බලාපොරොත්තු වන ඉදිරි සංවර්ධන කටයුතු පිළිබද අස්ගිරි සහ මල්වතු මහ නායක ස්වාමීන් වහන්සේලා දැනුවත් කළ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නියමයෙන් අනුරාධපුර, පළුගස්වැව, ආසිරිගම ගම්මානය සඳහා වෙන්කල රුපියල් ලක්ෂ 250 ක මුදලින් එහි සංවර්ධන කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකාවේ බඩඉරිගු වගාවට බරපතල තර්ජනයක් එල්ල කරමින් මේ වනවිට සේනා නැමැති දළඹුවා දිවයිනේ සෑම ප්‍රදේශයකම ව්‍යාප්ත වෙමින් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තහවුරු කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ආපදාවට ලක්වූ පුද්ගලයන්ට කඩිනමින් සේවා සැපයීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙනවා. ආපදාවට ගොදුරුවී ඇත්නම්1902ට දැනුම් දෙන්න යැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ය වජිර අබේවර්ධන කියයි.