සීමාවාසික පුහුණුව දැනට අවසන් කර සහන නේවාසික වෛද්‍යවරුන් ලෙස සේවයේ නියුතු 800 කට අධික වෛද්‍යවරුන්වරුන් පිරිසකට වහාම පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලිපි ලබාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඊයේ (26) තීරණය කරන ලදි.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදු වූ උතුරේ ජල ගැල්මෙන් සිදු වු හානි පිළිබඳව සොයා බැලීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දෙසැම්බර් 28 දා කිලිනොච්චිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන ඇමති වජිර අබේවර්ධන මහතා ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.
සුනාමි සැමරුම් වැඩසටහන අද දින(26 ) ගාල්ල හික්කඩුව පැරෑලියේ සුනාමි ස්මාරකය අබියසදී උත්සවාකරයෙන් පැවත්විණි.
මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු, බස්නාහිර සහ වයඹ පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්ක වලත් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.