නීති අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙන් ලැබීම වැදගත් බවත් නීති අධ්‍යයන කවුන්සලය ද නීති පීඨයේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත් විය යුතු බවට තීරණය කර ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද(19) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ගවරුන් ශ්‍රී ලංකාවට ගෙන්වීම සම්බන්ධව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ කිසිදු මැදිහත්වීමක් නැතැයි එම අමාත්‍යාංශය අවධාරණය කරයි.
අධිකරණ අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කළ පනත් කෙටුම්පත් 05ක් (19)පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීම ආරම්භ විය.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දෙවැනි පර්යනතයේ ඉදිකිරීම් කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යන බව වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.