සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (ජුලි 21) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමෙන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණියේ ය.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන සමන් ඒකනායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත් කර තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් පුරප්පාඩුවූ මන්ත්‍රීධුරය පිළිබඳ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දෙයි.